දේශීය පුවත්

හෝටල් වැසිකිළියේ කසිප්පු පෙරූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් පෙරූ කෙරවළපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපාරිකයෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් හෝටලය වසා දමා එහි ඉහළ කාමරයක වැසිකිළියක් තුළ මෙම ව්‍යාපාරිකයා විසින් නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත. ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී එම ස්ථානයේ තිබී බෝතල් 300ක් පමණ ද සොයා ගෙන තිබෙනවා.

එම වැසිකිළිය‌ේ කරාමය තුළින් ජලය වෙනුවට මත්පැන් පෙරී එන ආකාරයට සූක්ෂම ලෙස ඔහු විසින් සකස් කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

අදාළ ව්‍යාපාරිකයා කෙරවළපිටියේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ජුනි 08 වන දින වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top