Covid-19

මෙල්බර්න් නුවර ලොක්ඩවුන් කිරීමට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත නව කොවිඩ් පොකුරක් හඳුනා ගැනීමත් සමඟ මෙල්බන් නුවර සති දෙකක පමණ කාලයක් වසා දැමීමට සිදු විය.

මෙම නව පොකුරේ ආරම්භය පිළිබඳව සෞඛ්‍ය අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය මැයි මස 08 වනදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හරහා එම පොකුර නිර්මාණය වී ඇති බවයි.

40 හැවිරිදි අදාළ පුද්ගලයා එහි පැමිණි දිනයේ දී ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර පසුගිය මැයි 14 වන දින නිරෝධායනය කළ හෝටලයේ සිට ප්‍රතිකාර පහසුකම් සහිත හෝටලයක් වෙත මාරු කර යවා තිබෙනවා. ඔහු එම හෝටලයෙන් මැයි මස 23 වන දින පිටව ගොස් තිබෙනවා.

ඔහුගෙන් පවුල් දෙකකට වෛරසය ආසාදනය වී ඇති අතර මෙල්බර්න් පොකුරේ ආරම්භය සිදුව ඇත්තේ අදාළ ශ්‍රී ලාංකිකයාගෙන් බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත්, ඔහුගෙන් හෝටලයේ අනෙකුත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳව මෙතෙක් හෙළි වී නැහැ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top