මාතලේ රත්තොට ප්රදේශයේ ගම්මිරිස් වගා කරන ලද ඉඩමකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට ඉඩම් හිමියා විසින් සිදු කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.
වෙඩි තැබූ පුද්ගලයා ගිනි අවිය සමඟ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර වගාවට ‘වල් ඌරෙකු’ පැමිණියේ යැයි සිතා තමන් වෙඩි තැබූ බව ඉඩම් හිමියා විසින් එහිදී පවසා ඇත.
ජුනි 08 වන දින පස්වරුවේ දී සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක් ය.
