News

අසත්‍ය පළ කළැයි ITSSL සභාපති රජීව් යසිරු රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය පුවතක් පළ කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” නම් සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ ජුනි 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ජුනි 08 දින නියෝග කළා ය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සිදු කළ විමර්ශනවලදී අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත.

සැකකරුට අයත් බව කියන ලියාපදිංචි නොකර පවත්වාගෙන යන වෙබ් පිටුවක් ද පවතින අතර “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” නමින් සමාජ මාධ්‍ය පිටුවක් ඔහු විසින් පවත්වාගෙන යන බව එම නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

ඔවුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එකී අසත්‍යය ප්‍රචාරය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද බරපතළ අගතියක් සිදු වී ඇති බවයි.

මෙහිදී සැකකාර රජීව් කුරුවිටගේ වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිඥවරුන් කිහිප දෙනෙකු පෙනී සිටි අතර ඩිලාන් නාලක, සංජය ආරියදාස, මිගාර ඩොස් හා තිෂ්‍ය වේරගොඩ යන නීතිඥවරුන් ඊට ඇතුළත් විය.

ඒ අනුව, මෙවැනි නිවේදනයක් පළ කිරීමට මෙම පුද්ගලයාට ඇති අයිතිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙන්වා දී ඇත්තේ තරුණයා පුරවැසියෙක් වීමම ඒ සඳහා ප්‍රමාණවත් වන බවයි. එසේම මෙම නඩුව විභාග කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිට තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව යොමු කළ යුත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට බව තීරණය කරමින් සැකකරු ජුනි 09 දින එම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙමින් සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top