කාලගුණ

අයහපත් කාලගුණය නිසා ජීවිත 20ක් අහිමි වෙලා

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති අතර තවත් පුද්ගලයින් පස් දෙනෙකු අනතුරුවලින් තුවාල ලබා තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 10කට අයත් පුද්ගලයින් 176,419 දෙනෙකු ආපදා හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top