දේශීය පුවත්

කොළඹ මහල් ගොඩනැගිල්ලේ ගින්න නිවා දමයි

කොළඹ, කොටුව ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ජුනි 09 දින අළුයම් කාලයේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි පොලිසිය පවසනවා.

ගිනි නිවීමේ කණ්ඩායම් 5ක් ගින්න පාලනය කිරීම සඳහා දායක වී ඇති අතර විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසනවා.

අදාළ ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව අළුයම 5ට පමණ වාර්තා වීමෙන් පසු වහාම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ කණ්ඩායම් පිටත් වූ බවත් ඒ අනුව පැයක පමණ මෙහෙයුමකින් පසු ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූ බවත් ගින්නෙන් මහල් කිහිපයකටම හානි සිදුවී ඇති බවත් පොලිසිය පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top