අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
අදාළ දැරියගේ මවගෙන් එම දැරිය ලබා ගෙන මුදලට අලෙවි කර ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට පත් 35 හැවිරිදි පුද්ගලයා විසින් දැරියගේ ඡායාරූප ලබා ගෙන අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඒ හරහා ඇනවුම් කරන පුද්ගලයින්ට දැරිය ලබා දී තිබෙන අතර ගල්කිස්ස ප්‍රදේශයේ කුලී නිවසක් ලබා ගෙන දැරිය එහි රඳවා තබාගෙන තිබෙනවා.
මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර දැරියගේ මවගෙන් ද මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

