පාසල් දරුවන්ට මාර්ගගත ක්‍රමයට නොමිලේ අධ්‍යාපනය හැදෑරිමට නව මෘදුකාංගයක් ඉදිරි සති කිහිපය ඇතුළත හඳුන්වා දීමට පියවර ගන්නා බව ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙම නව මෘදුකාංගය දැනට මාර්ගගත අධ්‍යාපනය හැදරීම සඳහා භාවිතා වන ‘සූම්’ මෘදුකාංගය හා සමාන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනට කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවා.
ඒ අනුව, ‘සූම්’ මෘදුකාංගය වෙනුවට ඒ හරහා නොමිලේ දරුවන්ට අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව සැලසෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් ජුනි 08 වන දින පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

