News

කිලෝ 12.5 ගෑස් සිලින්ඩර ගැන නිෂ්පාදකයින්ට හා වෙළෙඳුන්ට සැර නියෝගයක්

පාරිභෝගිකයින්ට මිල දී ගැනීම සඳහා දිවයින පුරා කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම සඳහා ඉදිරිපත් කර තැබිය යුතු බවට වෙළෙඳුන්ට හා නිෂ්පාදකයින්ට නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ජුනි 09 දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම අති විශෙෂ ගැසට් නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙ හි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීම සඳහා සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් කිරීමට සිදු නොකළ යුතු බවයි.

ගෑස් සමාගම් විසින් ලීටර් 18ක නව ගෑස් පරිමාවක් පැරණි ගෑස් සිලින්ඩරයේම පුරවා විකිණීමට කටයුතු කරන පසුබිමක මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එසේම පාරිභෝගික අධිකාරිය මීට පෙර නිෂ්පාදකයින් වෙත දැනුම් දී තිබුණේ එලෙස වෙන්කර හඳුනාගත නොහැකි “අඩු බර” සිලින්ඩර වෙළෙඳපොලෙන් ඉවත් කරගන්නා ලෙසයි. ඒවා වෙළෙඳපොලට ඉදිරිපත් කළ හැක්කේ බැලූ බැල්මටම වෙන් කර හඳුනා ගැනීමට සැළැස්වීමෙන් පසු පමණක් බව ද සඳහන් කර තිබුණා.

To Top