ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 10 වන බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 වනවිට 1,910ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ජුනි 09 දින අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 67ක් ලෙස සටහන් වේ. එය මෙරට දිනක දී තහවුරු කළ වැඩිම මරණ ගණනයි. ඉන් මරණ 48ක්ම සිදුව ඇත්තේ ජුනි මාසය තුළයි. ඉතිරි මරණ 19 මැයි මාසය තුළ සිදුව ඇති බව ද එම වාර්තාවේ සඳහන්. එසේම, නිවසේ දී මිය ගොස් ඇති ගණන 06ක් ලෙසත් රෝහල්ගත කරන අවස්ථාව වනවිට මිය ගොස් ඇති ගණන 05ක් ලෙසත් එම වාර්තාවේ දක්වා තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 213,396 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති බව කියන මුළු සංඛ්‍යාව 180,427කි. සක්‍රීය ආසාදිතයින් ගණන 31,126ක් ලෙස වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර තිබෙනවා.

