Covid-19

දින 8ක බිලිඳෙක් කොවිඩ් වැළඳී මිය යයි

පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලැබූ දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහලේ සිට මැයි 27 වන දින රෝහලෙන් පිටව නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත ගම්පොළ මූලික‍ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ඔවුන්ගෙන් දරුවාට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරති.

To Top