දේශීය පුවත්

සහරාන් සමඟ සබඳතා පැවැත් වූ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

අන්තවාදයට සහය දීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ක්‍රියා කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙකු සැකකරු මඩකලපුව බන්ධනාගාරගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකු වේ. අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔහු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Rivira FB Group Rivira Youtube
To Top