කොවිඩ්-19

දෛනික මරණ 100 සීමාව පනී, සමස්ත මරණ 2,000ත් පනී, මරණ වාර්තා වීම වේගවත් වෙයි

ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 11 වන සිකුරාදා පෙරවරු 11.30 වනවිට 2,011ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 101ක් ‌ලෙස සටහන් වේ. එය මෙරට දිනක දී තහවුරු වූ වැඩිම මරණ ගණනයි. කෙසේ වෙතත් මේ වනතෙක් එම මරණ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන සවිස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කර නැත.

  • ජනගහනය මිලියනයකට සාපේක්ෂව ආසාදිතයින් ගණන - 10,099
  • ජනගහනයට මිලියනයකට වාර්තා වන මරණ ගණන - 93.97

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 216,134 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 182,238කි. සක්‍රීය ආසාදිතයින් ගණන 31,885ක් ලෙස සටහන් වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top