කොවිඩ්-19

සුවය ලබා රෝහලෙන් පිට වූ සජිත් හා ජලනි සංචරණ සීමා මැද පිරිසක් සමග කෙලින්ම පන්සල් යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා ජුනි 11 දින පෙරවරුවේ රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර තවත් පිරිසක් ද සමග ගංඟාරාම විහාරයට ගොස් ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

වෛරසය ආසාදනය වූ බව මැයි 22 දින හඳුනාගැනීමෙන් අනතුරුව පළමුව ජලනි ප්‍රේමදාස රෝහල්ගත කර තිබූ අතර පසුදිනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව මැයි 23 දින රෝහල්ගත වී තිබුණි. ඒ අනුව මේ වනවිට ගත වී ඇත්තේ දින 19ක පමණ කාලයක් වන අතර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ආසාදිතයෙකු සුවය ලැබීමෙන් පසු නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සිදුවෙයි.

කෙසේ නමුත් සංචරණ සීමා ද රට තුළ පනවා ඇති අවස්ථාවක තවත් පිරිසක් ද සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගංඟාරාම විහාරස්ථානය වෙත ගියේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවෙයි.

සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක නීතිය රටේ ප්‍රභූවරුන්ට ක්‍රියාත්මක නොවන්නේ ද යන ප්‍රශ්නය ඉතිරි කරමින් මෙම සිදුවීමද සාමාන්‍ය පරිදි බලධාරීන්ට හා ජනතාවට අමතක වී යනු ඇත.

Photos – Sajith Premadasa Facebook Page

Rivira FB Group Rivira Youtube
To Top