දේශීය පුවත්

ඉන්ධන මිල වහාම ඉහළ දමයි

ජුනි 11 මධ්‍යම රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 184කි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 144කි.

මේ අනුව සිපෙට්කෝ හා ලංකා අයි .ඕ .සි ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන ඉහළ දැමීමට එම ආයතන තීරණය කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top