දේශපාලන

තෙල් මිල වැඩි කිරීමේ වගකීම පොහොට්ටුවෙන් ඇමති ගම්මන්පිල මත පටවයි – වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි දන්වලා

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඍජුව වගකිවයුතු බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ජුනි 12 දින පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් වන්නේ මෙම තත්ත්වය පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේ වෙතත්, තීරණය සම්බන්ධයෙන් නිවේදනය කිරීමේ දී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහලේකම්, බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල ජුනි 11 දින පැවසුවේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීම අනුමත කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිකුත් කළ නිවේදනය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top