දේශපාලන

තෙල් මිල ඉහළ දැමීම අනුමත කළ ඇමති අනු කමිටුව මෙන්න

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ජුනි 12 දින පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වූ තීරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් සමග ජුනි 11 දින මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාතය උදය ගම්මන්පිල සඳහන් කළේ තෙල් මිල ඉහළ දැමීම ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් අනුමත කළ තීරණයක් බවයි.

මේ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් එම අනුකමිටුවේ සාමාජිකයින් පිළිබඳ හෙළිදරව් කර තිබෙනවා. ඒ අනුව එම අනු කමිටුවේ සභාපතිධූරය දරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වන අතර පහත සඳහන් පිරිස එහි සාමාජිකයින් වෙති.

ජීවන වියදම් පිළිබඳ ඇමති අනුකමිටුව:

  1. අගමැති මහින්ද රාජපක්ෂ(සභාපති)
  2. අමාත්‍ය බන්දුල ගුණවර්ධන
  3. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
  4. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ
  5. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු
  6. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
  7. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්

ජූනි 09 කමිටු රැස්වීමට සහභාගී වී ඇති සාමාජිකයින් නොවන අමාත්‍යවරුන්:

  • අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
  • අමාත්‍ය නාමල් රාජපක්ෂ
  • අමාත්‍ය උදය ගම්මන්පිල

මේ අනුව, මෙහි සඳහන් පිරිස අතරින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍ය උදය ගම්මන්පිල හැරුණුකොට අන් සියලුම දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකයින් වේ.

සම්බන්ධිත පුවත්

තෙල් මිල වැඩි කිරීමේ වගකීම පොහොට්ටුවෙන් ඇමති ගම්මන්පිල මත පටවයි – වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි දන්වලා

Rivira FB Group Rivira Youtube
To Top