කොවිඩ්-19

තවත් මරණ 63ක්, සමස්ත මරණ ගණන 2,136ක්

ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 13 වන ඉරිදා පෙරවරු 06.00 වනවිට 2,136ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 63ක් ‌ලෙස සටහන් වේ.

  • ජනගහනය මිලියනයකට සාපේක්ෂව ආසාදිතයින් ගණන - 10,340
  • ජනගහනයට මිලියනයකට වාර්තා වන මරණ ගණන - 99.81

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 221,277 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 186,516කි. සක්‍රීය ආසාදිතයින් ගණන 32,625ක් ලෙස සටහන් වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top