රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දියත් කළ විශේෂ මෙහෙයුමක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ජුනි 13 දින හැකි වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් සිටි බව හෙළි වී ඇති අතර වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.
ජාවාරමට සම්බන්ධ වූ බවට සැකපිට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුවිධ ධීවර යාත්‍රාව 2021 මැයි 11 වන දින මාතර කොට්ටෙගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම්කරුවන්ගෙන්
මෙම මත්ද්‍රව්‍ය තොගය ට්‍රෝලර් යාත්‍රාවට ලබාගෙන ඇති බවට සැක කෙරේ. මේ අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වීදි වටිනාකම රු. මිලියන 1758ක් පමණ වන බව අනුමාන කෙරේ.
වැටලීමේ දී සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටෙගොඩ, ඉහලවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිලියන්දල යන ප්‍රදේශවල පුද්ගලයින් වන අතර ඔවුන් වයස අවුරුදු 26 සිට 43 දක්වා වන බව ද වාර්තා වේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

