ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුධය ඇති වූයේ තමන් නිසා නම් ඊට වගකිව යුත්තේ තමන් නම් ඒ පිළිබඳ තොරතුරු ඇත්නම් තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්ට අභියෝග කරන බව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල පැවසුවා.
එසේම තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණය ගත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කමිටුවකින් බවත්, ඒ සඳහා මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලිඛිත අනුමැතිය ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
පොහොට්ටු මහලේකම්වරයාගේ නිවේදනයට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණි.
අදාළ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ තොරතුරු මෙතැනින්.

