ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයටත්, ආර්ථිකයටත් ප්‍රබල හානියක් සිදුකරමින් ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල් සම්බන්ධයෙන් යම් සහනයක් සැළසීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව හානියට පත් වූ ධීවර පවුල් 9,883ක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දිමට තීරණය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ජුනි 13 දින සඳහන් කළා.
මෙම පවුල් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, කටාන සහ ජාඇළ යන ප්‍රදේශවලට අයත් පවුල් වන අතර අතර මෙම පිරිස අතරට සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6,042ක්, වත්තල ධීවර පවුල් 1,409ක්, කටාන ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69ක් ද ඇතුළත් වේ.
ඊට අමතරව වක්‍රව සිය ජිවනෝපාය අහිමි වූ මීගමුවේ පවුල් 1,991ක්, වත්තල පවුල් 116ක්, කටානේ පවුල් 14ක් සහ ජාඇළ පවුල් 09කට ද රුපියල් 5,000ක වන්දි මුදල් හිමි වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙනවා.
මේ සඳහා වෙන්කර ඇති මුදල් රුපියල් කෝටි 5කට ආසන්නයි. එනම් 49,415,000කි.

