ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් මුහුදුබත් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව ජුනි 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ අංක 1 මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියන 2ක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.
එසේම කපිතාන්වරයාට විදේශගතවීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ද මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

