දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති නම් කරයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන මීළඟ ඇමරිකානු තානාපති ලෙස ජූලි චං මහත්මිය නම් කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් නම් කර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇය මේ වන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වැඩ බලන සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරමින් සිටියි.

මීට පෙර Julie Jiyoon Chung මහත්මිය කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇති බවද වාර්තා වේ.

දකුණු කොරියාවේදී උපත ලබා ඇති ජූලි චං මහත්මිය කොරියානු, ජපාන, ස්පාඤ්ඤ සහ කෙමර් ආදී භාෂා රැසක ප්‍රවීණතාවය දක්වන්නියක බව ද වාර්තා වේ.

අමෙරිකානු සෙනෙට් සභාව විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමත කලහොත් ජූලි චං මහත්මිය ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස පත්වනු ඇති.

දැනට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය එම තනතුරට පත්වූයේ 2018 වසරේ නොවැම්බර් 01 වන දිනයේ දී ය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top