Business

රිවිර.lk හෙළි කළ පරිදිම ඔන්ලයින් මත්පැන් ක්‍රමය ප්‍රතික්ෂේප කෙරේ, හේතු මෙන්න

මාර්ගගත (online) ක්‍රමවේදය යටතේ මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය ජුනි 17 දින තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඒ අනුව, මත්පැන් බෙදා හැරීම මගින් කොවිඩ්-19 තත්වය මර්දනය කිරීම අපහසු විය හැකි බවට කරුණු ඉදිරිපත් වීම ‌මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට හේතු වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

රිවිර.lk වෙබ් අඩවිය ඊයේ (16) අනාවරණය කළේ මත්පැන් බෙදා හැරීම සඳහා ගත් තීරණය අත්හිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බවයි. පාර්ශ්‍ව රැසකින් එල්ල වූ දැඩි විරෝධය හා කරුණු දැක්වීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ව ඇති බව ‌එහිදී පෙන්වා දුන්නා.

මුදල් අමාත්‍යංශය ලබා දුන් ප්‍රතිපත්තිමය අනුමැතිය මත සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා. ඒ් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඊට අවශ්‍ය මුලික කොන්දේසි මාලාවක් ද සකස් කර තිබුණා.

සම්බන්ධිත පුවත්

To Top