Covid-19

සංචරණ සීමා ජුනි 21 තාවකාලිකව ඉවතට

දිවයින පුරා දැනට පනවා ඇති සංචරණ සීමා ජුනි 21 සඳුදා පෙරවරු 4ට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ යළිත් ජුනි 23 දින රාත්‍රී 10සිට ජුනි 25 දින පෙරවරු 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බවයි.

කෙසේ වෙතත්, සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ දී ද පළාත් අතර සංචරණය සීමා කිරීම එලෙසම බලපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම කාලය තුළ ද මහජන රැස්වීම්, පොදු ස්ථානවල එකතුවීම හා උත්සව පැවැත්වීම තවදුරටත් තහනම් වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top