කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකු වන අනූෂ පැල්පිට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ අනුව, එම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පත් කර ඇති බව වාර්තා වේ.
එහිදී පුරප්පාඩු වන ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිධූරය සඳහා වරාය අධිකාරියේ කළමණාකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
