News

අමාත්‍යංශ ලේකම් වගකීම නොබියව ඉටු කරන්නේ නම් දූෂිත ගණුදෙනුවලට ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

අමාත්‍යංශ ලේකම්වරුන් සිය වගකීම නොබියව හා නොපැකිළව ඉටු කරන්නේ නම් කිසිඳු අමාත්‍යංශයක දූෂිත ගණුදෙනු සඳහා ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, නීතිඥ නිමල් බෝපගේ ජුනි 18 දින පවසනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ මීට වසර 5කට පෙර යහපාලන ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට සුඛෝපභෝගී වාහන ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අත්සන් තැබීමේ නෛතික බලධරයා ලෙස තමන් ඊට අත්සන් නොකිරීමෙන් රටට රුපියල් කෝටි දෙසිය ගණනක් ඉතිරි කර දිය හැකි වූ බවයි.

එම සටහන පහතින්.

“මීට වසර පහකට පෙර යහපාලන ආණ්ඩුව විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වාහන 58 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ආනයනය කිරීම පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින්ද අනුමත කොට සියලු කටයුතු සූදානම් කර තිබියදී ආදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊට අදාළ නෛතික බලධාරියා වූ මවිසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වාහන ආනයනය නතර වී රුපියල් කෝටි දෙසිය ගණනක් රටට ඉතිරි කරදීමට හැකි විය.” – නිමල් බෝපගේ

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top