පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජුනි 19 දින නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මීට පෙර වාර්තා වූයේ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයේ වැඩ බැලීමට පත් කර ඇති බවයි.
මීට අමතර කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු හා එම්.ඩී.ආර්.එස්. ධම්මින්ද යන නිලධාරීන් තිදෙනා ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබෙන බව පොලිසිය ජුනි 17 බ්‍රහස්පතින්දා නිවේදනය කර තිබුණා.


