කර්මාන්ත අමාත්‍යංශ ලේකම්ධූරයෙන් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ අනූෂ පැල්පිට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් වීමට පෙර විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට ඇතුළු ආයතන රැසක ප්‍රධාන ධූර හොබවා තිබෙනවා.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට මූල්‍ය විනයක් නොමැති බව අනූෂ පැල්පිට සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවයි.

