කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවකට විරෝධය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජුනි 21 දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත් වූ නීති විරෝධී විරෝධතා ව්‍යාපාරයක් අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.
පොලිසිය එම ස්ථානයට ගොස් නිරෝධයනය රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමට යාමේ දී එහි රැස්ව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් එම නිලධාරීන්ට විරෝධය පා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබේ.
කෙසේ වෙතත් රැස්ව සිටි පිරිස මුඛ ආවරණ නොමැතිව සිටීමත්, මීටරයක පරතරයක් තබා නොගැනීමත් දක්නට ලැබුණු අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව උල්ලංඝනය කරමින් විරෝධතා ව්‍යාපාරය පවත්වන අයුරු නිරීක්ෂණය විය.
Fact Check – කරුණු විමර්ශනය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නාමය ලෙස මෙම විරෝධතා ව්‍යාපාරයේ දී යොදාගෙන තිබුණේ “කොතලාවල පුද්ගලික විශ්වවිද්‍යාලය” ලෙස වන අතර මේ සම්බන්දයෙන් පාර්ශව රැසක් අදහස් පළ කර තිබීම හේතුවෙන් සත්‍ය කරුණු විමර්ශනයක් සිදු කිරීමට රිවිර.lk කටයුතු කළා.
එහිදී අනාවරණය වූයේ, මෙය 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින් “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස ස්ථාපිත කර ඇති අතර 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින් එය විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කර ඇති බවයි. එසේම මෙය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින 100%ක් පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බව ද අනාවරණය විය. එනම් මෙහි කිසිඳු පුද්ගලික පාර්ශවයකට හිමිකමක් නොමැති 100%ක්ම රජයට අයත් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවයි.
එබැවින් මෙය “පුද්ගලික විශ්වවිද්‍යාලයක්” ලෙස හැඳුන්වීම සාවද්‍ය හැඳින්වීමකි.

