ව්‍යාපාර

සහල් මිල මට්ටු කරන්න පිටරටින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක්

මෙරට වෙළෙඳපොලේ සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

ජුනි 21 දින නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ අනුව පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙල සඳහා සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමි වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top