ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 22 වන අඟහරුවාදා පස්වරු 09.00 වනවිට 2,704ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ජුනි 21 දිනය තුළ සිදු වූ නව මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමගයි.
ඒ අනුව අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 71 අතර පිරිමි පුද්ගලයින් 33 දෙනෙකු සහ කාන්තාවන් 38 දෙනෙකු ඇතුළත්.
වයස 30ට අඩු පුද්ගලයින් - 01
වයස 30-59 අතර පුද්ගලයින් - 13
වයස 60ට වැඩි පුද්ගලයින් - 57
මේ අනුව, මෙරට ජනගහනයට මිලියනයකට වාර්තා වන මරණ ගණන 126 ඉක්මවා තිබෙනවා.
ජුනි මස 13 වන දින සිට දෛනිකව සිදු ව ඇති බව වාර්තා වන මරණ පසුදිනයේ දී වාර්තා කෙරෙන ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වා දුන් අතර එදින සිට අද දක්වා දෛනිකව සිදු ව ඇති මරණ ගණන මෙසේය.


