කොවිඩ්-19

ත්‍රිකුණාමලය හා මඩකලපුව ග්‍රාම නිලධාරි වසම් 11ක් හුදකලා කරයි

ජුනි 23 වැනි දින උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක්යේ එක් ග්‍රාම නිලධාරි වසමක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේක ග්‍රාම නිලධාරි වසම් 10ක් මෙලෙස හුදකලාභාවයට පත් කර තිබෙනවා.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  • ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,
    • නාගරාජ වලව්ව පෙදෙස

මඩකලපුව දිස්ත්‍රික්කය,

  • වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,
    • 1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
    • 2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
  • කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,
    • කාත්තන්කුඩි කොටස 4
    • කාත්තන්කුඩි කොටස දකුණ 5 164
    • කාත්තන්කුඩි කොටස 5 දකුණ 164A
    • නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර
    • නව කාත්තන්කුඩි කොටස උතුර
    • නව කාත්තන්කුඩි කොටස දකුණ
    • කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර
Rivira FB Group Rivira Youtube
To Top