පසුගිය ජුනි මස 21 වන දිනට යෙදී තිබුණු ‘පියවරුන්ගේ දිනයේ’ දී ජැමයිකාවේ කෙටි දුර ධාවනශූරි උසේන් බෝල්ට් තමා නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකුට පියෙකු වූ බව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ලොවට දන්වා තිබුණා.
ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් තම සහකාරිය, දියණිය ඔලිම්පියා, අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනා සමඟ ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.
නිවුන් දරුවන් දෙදෙනා නම් කර ඇත්තේ තන්ඩර් සහ සේන්ට් ලියෝ නමින්. කෙසේවෙතත්, දරුවන් දෙදෙනාගේ උපන් දිනය පිළිබඳව සඳහනක් එහි සඳහන් කර තිබුණේ නැහැ.
ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන්නේ නෑ. ඒ ඔහු 2017 වසරේ දී ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ය. ඒ 2000 වසරේ සිට ඔහු සහභාගී නොවන පළමු ඔලිම්පික් උළෙල වෙයි.

