එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න හේතුවෙන පීඩාවට වූ පුද්ගලයින් වෙනුවෙන් යුරෝපා සංගමය විසින් යුරෝ ලක්ෂ 02ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 48කට වැඩි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
යුරෝපා සංගමය ජුනි 23 දින ට්විටර් සටහනක් පළ කරමින් සඳහන් කර තිබෙන්නේ එම මුදල් බලපෑමට ලක් වූ ධීවර ජනතාවට මූල්‍ය සහන ලබා දීමටත් හා වෙරළ තිරයන්ගේ විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පිරිනමන බවයි.
ඒ අනුව, නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් පීඩවාට පත් වූ කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, පුත්තලම සහ මාතර යන දිස්ක්‍රික්කවල පුද්ගලයින් 15,000කට පමණ එම අධාරවලින් ප්‍රතිලාභ ලබා දෙනු ඇති.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හරහා සම්බන්ධීකරණ කටයුතු යටතේ ආපදා සහන හදිසි අරමුදල මඟින් සහන සැලසීමට කටයුතු කරන බවයි යුරෝපා සංගමය සඳහන් කරන්නේ. ඒ අනුව, ගිනි ගැනීම හේතුවෙන් ධීවර කර්මාන්තය සිදු කිරීමට නොහැකි වීමෙන් ආදායම් අහිමි වූ ධීවර ජනතාවට පළමුව මූල්‍ය සහන ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ. එහිදී කාන්තාවන්, අබාධිත හා වැඩිහිටි පුද්ගලයින් සඳහා වැඩි අවධානයක් යොමු කෙරේ.
ඊට අමතරව, වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡා සේවකයින්ට අවශ්‍ය පුහුණුව හා උපකරණ ද ලබා දීමට මෙම මුදල් යොදා ගැනීමට නියමිතයි.

