දේශපාලන

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, නීතිඥ රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2020 අගෝස්තු පැවති මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත්විය.

09 වැනි පාර්ලිමේන්තුව ආරම්භ කර මාස 10කට පසු එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට මන්ත්‍රීවරයෙකු පත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව වන 225 සම්පූර්ණ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පස්වරක් අග්‍රාමාත්‍යධූරයට පත් රනිල් වික්‍රමසිංහ 1977 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 2020 මහමැතිවරණයෙන් පරාජයට පත්වුවද අද (ජුනි 23) ජාතික ලැයිස්තුවෙන් යළිත් පාර්ලිමේන්තුවට පත් වීමත් සමග 1977 සිට අඛණ්ඩව සියලු පාර්ලිමේන්තු නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් විණි. ඉන් අනතුරුව 2001 මහමැතිවරණ ජයග්‍රහණයෙන් යළිත් මෙරට අගමැතිවරයා ලෙස පත්වීමට රනිල් වික්‍රමසිංහ සමත් වූ අතර යළිත් බලට ඒම සඳහා බොහෝ කලක් බලා සිටීමට ඔහුට සිදුවිය. අනතුරුව 2015 වසරේ දී එජාපය ප්‍රමුඛ බලවේගයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා තෙවන වරටත් මෙරට අග්‍රාමාත්‍යධූරයට පත් විය. අනතුරුව පැවති 2015 අගෝස්තු මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සිව්වන වරටත් අග්‍රාමාත්‍යධූරයට පත් රනිල් වික්‍රමසිංහට 2018 ඔක්තෝම්බර් 26 දින ධූරයට අහිමි කිරීමෙන් පසුව එම ආණ්ඩුව දින 52කින් අවසන් වීමෙන් පසු පස්වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව හිමිවිය.

Rivira FB Group Rivira Youtube
To Top