සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් ජුනි 23 දින පාර්ලිමේන්තු ගැබ තුළ විරෝධතාවයක නිරත විය. රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විවිධ සටන් පාඨ කියමින්, දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් සභා ගර්භයේ බිම ඉඳගෙන ඔවුන් සිය විරෝධතාවයේ නිරත වූ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වසංගත තත්වය පිළිබඳ කරුණු දැක්වීම අතරතුර මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජුනි 22 වන දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා වෙත යොමු කරන ලද ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා නොදුන් බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් චෝදනා එල්ල කළ පසුව මෙම විරෝධතාවය සිදු කර තිබෙනවා.
අදාළ චෝදනාවලට අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් පිළිතුරු ලබා දුන් අතර ඒ සඳහා පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද මැදිහත් වී තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජුනි 22 වන දිනයේ දී ද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුව වෙත පැමිණියා. එහිදී, යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ත්‍රී රෝද රථ, ලොරි රථ වල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පාර්ලිමේන්තුව දක්වා ගමන් කළා.
එහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ජේ.සී.බී. යන්ත්‍රයක ගමන් කරමින් විරෝධතා පෙළපාලියට එක් වී තිබුනා. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බස් රථයක් ද, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ලොරි රථයක් ද පදවමින් විරෝධතාවයට එකතු විය.
එමෙන්ම, සරත් ෆොන්සේකා, අශෝක් අබේසිංහ, ජේ.සී. අලවතුවල යන මන්ත්‍රීවරුන් ත්‍රී රෝද රථවල නැගී විරෝධතා පෙළපාලියේ ගමන් කර තිබුනා.

