කොවිඩ්-19

ෆයිසර් හා සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් ජුලි මාසයේ දී මෙරටට

රාජ්‍ය ඖෂධ සංස්ථාව මිලදී ගත් තවත් ෆයිසර් හා සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් ලබන ජුලි මාසයේ දී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව, ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජුලි මාසයේ මුල් සති තුන ඇතුළත දී මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ද ජුලි මාසයේ පළමු සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිතයි.

මේ අතර, එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 1,448,601 දෙනෙකුට ද එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 470,870 දෙනෙකුට ද ලබා දී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එමෙන්ම, ස්පුට්නික් V එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයින් 113,454 දෙනෙකුට ද එහි දෙවන මාත්‍රාව14,323 දෙනෙකුට ද ලබා දී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top