ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් රෝගාතුර වී සිටි එතුමා ගල්කිස්ස කලාපුර පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව සිය ඥාතීන් දන්වා තිබෙනවා.
උඩරට පහතරට නර්තන සම්ප්‍රදායන් දෙක පිළිබඳ විශේෂ ඥාණයක් පැවැති බුදවත්ත මහතා මෙරට නර්තන කලාවේ උන්නතිය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් දැක්වීය.
‘බුදවත්ත රංගායතනය’ නමින් රංගායතයනයක් පවත්වාගෙන ගිය කුලසිරි බුදවත්තයන්ගෙන් සාම්ප්‍රදායික නර්තනය උගනිමින් වර්තමානයේ නර්තන කලාවට පිවිසි ශිල්පීන් බොහොමයක් වෙයි. ඒ අතර, ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, නර්තනාචාරිනී උපේකා ගංගොඩවිල, රංගන ශිල්ප ශිල්පිනියන් වන ජගත් චමිල, සුරාජ් මාපා, මංජුලා කුමාරි, බුදවත්තයන්ගේ ශිෂ්‍ය පරම්පරාව ඔහුගේ ගෝලයෝ වෙති.
ඔහුගේ බිරිඳ වන නේමාලි බුදවත්ත මහත්මිය ද නර්තන ආචාර්යවරියකි. කුලසිරි බුදවත්ත මහතාගේ පුත්‍රයා වන රංගන රන්සිලු බුදවත්ත ද නර්තනයේ මෙන්ම බෙරවාදනයේ දස්කම් දක්වන්නෙකි.
සාම්ප්‍රදායින නර්තන කලාවේ ප්‍රගමනයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ කුලසිරි බුදවත්ත මහතා මිය යන විට 71 වන වියේ පසු විය.

