Covid-19

ජුනි 22 දින මරණ 65ක්, සමස්ත මරණ ගණන 2,769 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 23 වන බදාදා පස්වරු 08.15 වනවිට 2,769ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ජුනි 22 දිනය තුළ සිදු වූ නව මරණ 65ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමගයි.

ඒ අනුව අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව අතර පිරිමි පුද්ගලයින් 40 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු ඇතුළත්.

  • වයස 30ට අඩු - 02
  • වයස 30-59 - 10
  • වයස 60ට වැඩි - 53

මේ අනුව, මෙරට ජනගහනයට මිලියනයකට වාර්තා වන මරණ ගණන 129 ඉක්මවා තිබෙනවා.

ජුනි මස 13 වන දින සිට දෛනිකව සිදු ව ඇති බව වාර්තා වන මරණ පසුදිනයේ දී වාර්තා කෙරෙන ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වා දුන් අතර එදින සිට අද දක්වා දෛනිකව සිදු ව ඇති මරණ ගණන මෙසේය.

  • ජුනි 13 - 57
  • ජුනි 14 - 55
  • ජුනි 15 - 59
  • ජුනි 16 - 51
  • ජුනි 17 - 55
  • ජුනි 18 - 54
  • ජුනි 19 - 47
  • ජුනි 20 - 55
  • ජුනි 21 - 71
  • ජුනි 22 - 65
Rivira FB Group Rivira Youtube
To Top