පළමුවරට පැවති ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියේ පළමු ශූරයින් බවට පත්වීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සටන්කාමී නවසීලන්තයට ජුනි 23 දින හැකියාව ලැබුණා.
නවසීලන්තයේ සවුත්හැම්ටන් හී දී ජුනි 18 සිට 23 දින දක්වා පැවැති අවසන් මහ තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8 කින් පරාජය කරමින් නවසීලන්තය මෙලෙස පළමු ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්තා. ලොව පුරා ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ 2015 වසරේ සිට අවස්ථා කිහිපයක දී ම ලෝක කුසලාන අවසන් තරඟ තෙක් ගෙන ඒමට නායක කේන් විලියම්සන් සමත් වූ අතර නව ජයග්‍රහණයත් සමග නවසීලන්තය ක්‍රිකට් ලොව බැබලීමට කේන් සමත් වී ඇති බවයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්තා අනුව ජයග්‍රාහී කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් හිමිවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලකි.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමු පන්දු රැකීමට තීරණය කර තිබුණා.
ඒ අනුව තරඟයේ කෙටි විස්තරය මෙසේය.
ඉන්දියාව - සියලු දෙනා දැවී පළමු ඉනිම 217 යි
නවසීලන්තය - සියලු දෙනා දැවී පළමු ඉනිම 249 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 10ට ලකුණු 170 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 140 යි
සම්පූර්ණ ලකුණු පුවරුව මෙතැනින්.

