කොවිඩ්-19

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ 07ක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ 07ක් ජුනි 24 වන දින උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම ප්‍රදේශ පහතින් දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කය

  • යාපනය පොලිස් වසමේ
    • රෙක්ලමේෂන් බටහිර
    • ගුරුනගර් බටහිර

මඩකලපුව දිස්ත්‍රික්කය

  • කාත්තන්කුඩි පොලිස් වසමේ
    • මන්ජන්තෝඩුවායි උතුර
    • මන්ඩන්තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර
  • මන්මුනායි පොලිස් වසමේ
    • මමන්ගම්

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • කුරුණෑගල පොලිස් වසමේ
    • ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ විල්ගොඩ ගම
    • කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම
Rivira FB Group Rivira Youtube
To Top