News

උසස්පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණයි

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ජුනි 24 වන දින ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අදාළ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ අද (24) දිනයේ සිට ලබන මස 10වන දින දක්වා අයදුම්පත්‍ භාර ගැනීම සිදුකරන බවය.

ඒ අනුව, විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.doenets.lk) වෙත පිවිස හෝ නිල ජංගම දුරකථන යෙදවුම හරහා හෝ අදාළ අයදුම්පත් යොමු කළ හැකියි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බව ද සනත් ජූජිත මහතා සඳහන් කළේය.

එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රු. 250ක් වන අතර අදාළ ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් මඟින් හෝ තැපැල් කාර්යාල මඟින් සිදු කළ හැකියි. මුදල් ගෙවීමෙන් පසු ලබා දුන් ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇති.

මුදල් ගෙවීමෙන් පසුව අදාළ අයදුම්පත්‍රය පී.ඩී.එෆ්. ක්‍රමයට බාගත කර අයදුම්කරු ළඟ තබා ගත යුතු බව විභාග දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top