කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් ඉඩමක් ව්‍යාජ ලේඛන සකසා වෙනත් පුද්ගලයෙකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නීතීඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.
කූට ලේඛන සැකසීම , එයට ආධාර අනුබලදීම , සහ නොතාරිස් ආඥා පනත අවභාවිතා කිරීම යන චෝදනා මත එම නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම ව්‍යාජ ඔප්පුව සකසා ඉඩම විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අදාළ ඉඩම විකිණූ තැනැත්තා සහ මිලදී ගත් තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව, නීතිපතිවරයාගේ උපදෙස් මත ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රය සහ ඔප්පුව සකස් කිරීම සම්බන්ධයෙන් මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

