කොවිඩ්-19

දෙහිවල සිංහ ධේනුවකටත් කොරෝනා

පසුගියදා කොවිඩ් – 19 වෛරසය ආසාදිත දෙහිවල සත්වෝද්‍යානයේ ‘තෝර්’ නමැති සිංහයාගේ සිංහ ධේනුවට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය සිදු කරන ලද පරීක්ෂණවලදී එම සිංහ ධේනුවට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී තිබෙනවා. ඒ අනුව, සිංහ ධේනුව හුදකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

වෛරසය ආසාදිත සිංහ ධේනුවගේ තත්ත්වය බරපතල නොවන බවත් සාමාන්‍ය පරිදි ආහාර ගනිමින් කාලය ගත කරන බව ද දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන් පවසයි. කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ ‘තෝර්’ නමැති සිංහයාගේ තත්ත්වය ද මේ වන විට යහපත් අතට හැරි ඇති බව ද ඔවුන් පවසයි.

එමෙන්ම, සිංහයින් රැකබලා ගත් සත්වෝද්‍යානයේ සේවකයින් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ද සත්වෝද්‍යානයේ නිලධාරීන් පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top