දේශීය පුවත්

‘කල් ගිය’ ජනාධිපති සමාව දුමින්දට ලැබෙයි?

මෙරට අපරාධ යුක්ති ක්‍රමය තුළින් පනවන ඉහළම දඩුවම වන මරණීය දණ්ඩනය හිමි වූ ආර්. දුමින්ද සිල්වා ජුනි 24 දින ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇති බව ආරංචි මාර්ග පවසනවා. මේ වනවිට ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ද අවසන් වී ඇතැයි ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය වීම සම්බන්ධයෙන් ආර්. දුමින්ද සිල්වා ඇතුළු පිරිසකට එරෙහිව මහාධිකරණයේ පැවති නඩු විභාගයට සහභාගී වූ විනිසුරුවරියකගේ බව කියන හඬපටයක් නිකුත් වීම හේතුවෙන් එම සිදුවීම සම්බන්ධයෙන් දැඩි මහජන අවධානයක් යොමු වූ අතර ඇතැම් පුද්ගලයින් මෙම සිදුවීම දේශපාලනික පළිගැනීමක් හේතුවෙන් සිදුවූවක් යන්න පිළිබඳ ප්‍රශ්න කෙරුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට ද ගිය අතර කොමිසමේ වාර්තාව ද ජනාධිපතිවරයා වෙත ලබා දී තිබුණි.

මේ අතර දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙකු අතර මතය වී තිබුණේ දුමින්ද සිල්වාට මීට පෙර ජනාධිපති සමාව හිමි වීමට ඉඩ තිබූ බවයි. ඒ අනුව මෙලෙස ජනාධිපති සමාවක් ලැබෙන්නේ නම් එය සිතුවාට වඩා කල් යාමක් බව ඔවුන් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top