දේශීය පුවත්

Breaking: දුමින්ද සිල්වා නිදහස්

මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා, ජනාධිපති පොදු සමාව යටතේ ජුනි 24 පෙරවරුවේ නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙක් ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ අතර දුමින්ද සිල්වා ද එම ලැයිස්තුව යටතේ නිදහස ලැබූ බව ඔහු සඳහන් කළා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර 2011 ඔක්තෝම්බර් 11 දින ඝාතනය වීම සම්බන්ධයෙන් දුමින්ද සිල්ව‍ෙට මරණීය දණ්ඩනය නියම වූයේ 2016 වසරේ සැප්තැම්බර් මස 08 වන දිනයි.

Rivira FB Group Rivira Youtube
To Top