ජනාධිපති පොදු සමාව මත නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් පිටව යන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබෙනවා.
මේ අතර දුමින්ද සිල්වා නිදහස් කිරීම පිළිබඳ සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා අදහස් පළ කරමින් සිටින අතර ඊට පක්ෂව හා විපක්ෂව තර්ක ඉදිරිපත් කරන ආකාරය දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් දුමින්ද සිල්වා සමග නිදහස් කළ කොටි සැකකරුවන් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිදහස් කරනු ලැබූ අනෙක් පිරිස් ගැන සමාජ අවධානය ගිලිහී තිබෙන අතර දිනය තුළ වාර්තා වන පුවත් සියල්ල අභිබවා “දුමින්දගේ නිදහස” සංවාදයට භාජනය වී තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකියි.



