News

ලංකාවෙන් යමින් සිටි මෙසීනා නැවෙත් ගින්නක්

දකුණු පළාතේ යාලට නුදුරින් ඇති මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් නැගෙනහිරින් යාත්‍රා කරමින් සිටි එම්.එස්.සී. මෙසීනා නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හට ගෙන ඇති බවට දැනුම් දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම නෞකාව කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ලයිබීරියා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.

ඒ අසලින් ගමන් ගන්නා නෞකාවලට ගින්න පිළිබඳව දැනුම් දී සහයෝගය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වේ. මෙම ගින්න ජුනි 24 වන දින රාත්‍රියේ හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

CC/Fleetmoon
To Top