Politics

ප්‍රධාන ජනතා ගැටලු 6කට විසඳුම් ලබා දෙන්නැයි සජිත් ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුනි 25 වන දින පස්වරු 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. ජනපති ජාතිය ඇමතීමේ දී දැනට පවත්නා ප්‍රධාන ජනතා ගැටලු 6කට විසඳුම් ලබා දෙන්නැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජුනි 25 වන දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා සිටි.

එහිදී තෙල් මිල ඉහළ දැමීම නිසා සමාජයේ ඉහළම තලයේ සිට පහළම තලය දක්වා ජනතාව පීඩනයට පත්ව අසරණ වී සිටින බවත් එබැවින් පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම අපේක්ෂා කරන බව ද,

එමෙන්ම, පොහොර නොමැති වීම හේතුවෙන් සියලුම වගාවන් සිදු කරන ගොවීන් අසරණභාවයට පත්ව ඇති බවත් පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතව, ක්‍රමිකව යම්කිසි ස්ථීර වැඩපිළිවෙලකට සිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීමට ජනාධිපතිවරයා විසින් ප්‍රතිඥාවක් ලබා දීම අපේක්ෂා කරන බව ද,

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් සැකසීම සහ නෞකා අනතුරෙන් විනාශ වූ පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම සඳහා තිරසාර වැඩසටහනක් ආරම්භ කිරීම අපේක්ෂා කරන බව ද,

මාර්ගගතව අධ්‍යාපනයට අවශ්‍ය ටැබ් යන්ත්‍ර, පරිගණක, සුහුරු දුරකථන හා සිග්නල් පහසුකම් නොමැතිව පීඩාවට පත් දරුවන් වෙනුවන් ඉතා කඩිනම් විසඳුම් ලබා දීම බලාපොරොත්තු වන බව ද,

කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා නිසි පියවර ගැනිමේ දී දැනට මන්දගාමීව සිදුවන එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල සේවයේ නිරත නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත මෙවලම් හා උපකරණ ලබා දීම, පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන බව ද,

තවද, සමස්ත වශයෙන් ආර්ථිකය කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීමට කටයුතු කිරීම අපේක්ෂා කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top